Lanka Korea Hub කොරියානු ඉගෙනුම් App එක
App Store එකට යන්න ඕන නෑ, ගාස්තුත් නෑ. Lanka Korea Hub වෙබ් අඩවිය ඔබේ Phone එකේ Home Screen එකට Add කරගත්තම, හරියට App එකක් වගේ එක click එකකින් විවෘත වෙනවා.
- 100% නොමිලේ
- Android සහ iPhone දෙකටම
- වෙනම ගොනුවක් අවශ්‍ය නෑ
Lanka Korea Hub App එක ගැන
Lanka Korea Hub App එක කියන්නේ කොරියාවට යන්න සූදානම් වෙන, EPS-TOPIK විභාගයට ඉගෙනගන්නා, සහ දැනටමත් කොරියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ට එකම තැනකින් සිංහලෙන් උපකාර කරන නොමිලේ ඉගෙනුම් යෙදුමයි. එහි EPS-TOPIK පසුගිය ප්‍රශ්න පත්‍ර, සවන්දීමේ ප්‍රශ්න, කොරියානු වචන දහස් ගණනක්, ව්‍යාකරණ රටා, කොරියානු ඉතිහාසය සහ සංස්කෘතිය, වීසා මාර්ගෝපදේශ, රැකියා තොරතුරු සහ හදිසි අවශ්‍යතා සඳහා අමතන අංශ ලිපින ඇතුළත් වෙනවා. ඔබගේ Phone එකේ Home Screen එකට Add කරගත් විට, අන්තර්ජාලයක් නැති වෙලාවටත් කලින් බලපු පාඩම් නැවත ඇරෙනවා — App Store එකෙන් බාගන්න ඕන ගොනුවක් නම් නෑ.
ඔබේ Phone එකට App එකක් විදිහට Add කරගන්න
විනාඩියක් තියෙන වැඩක්. Android වලට Chrome එක, iPhone වලට Safari එක පාවිච්චි කරන්න — අනිත් browsers වල මේ menu එක නොපෙනෙන්න පුළුවන්.
Android
Google Chrome
- 1Google Chrome එකෙන් koreahub.lk එක විවෘත කරගන්න.
- 2ඉහළ දකුණු කෙළවරේ ඇති ⋮ (තිත් තුන) menu එක ඔබන්න.
- 3"Add to Home screen" හෝ "Install app" තෝරන්න.
- 4"Add" / "Install" ඔබන්න — Home Screen එකේ App icon එක එනවා.
iPhone / iPad
Safari
- 1Safari browser එකෙන් koreahub.lk එක විවෘත කරගන්න.
- 2පහළ ඇති Share (⬆️ කොටුවෙන් උඩට ඊතලය) button එක ඔබන්න.
- 3"Add to Home Screen" තෝරන්න.
- 4ඉහළ දකුණේ "Add" ඔබන්න — Home Screen එකේ App icon එක එනවා.
App එකට වෙනම gb ගණනක් අවශ්‍ය නෑ — වෙබ් අඩවියම App එකයි. ඉතින් අලුත් පාඩම් එකතු වෙනකොට ඔබ update කරන්නේ නැතුවම ලැබෙනවා.
App එකෙන් ලැබෙන දේවල්
කොරියාවට යන්න කලින් ඉගෙනගන්න ඕන සියල්ල, සහ ගිහින් පස්සේ අවශ්‍ය වෙන තොරතුරු — එකම App එක ඇතුළෙන්.
EPS-TOPIK ප්‍රශ්න පත්‍ර
පසුගිය විභාගවල ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සිංහලෙන්.
සවන්දීමේ පුහුණුව
EPS-TOPIK සවන්දීමේ ප්‍රශ්න කොරියානු ශබ්දයෙන් පුහුණු වෙන්න.
කොරියානු වචන සහ ව්‍යාකරණ
වචන 10,000කට වඩා, ව්‍යාකරණ රටා සහ දිනපතා වචන පාඩම්.
පාඩම් 25 — දැනුම් පොත
මුල සිට පියවරෙන් පියවර සකස් කළ කොරියානු භාෂා පාඩම්.
කොරියානු ඉතිහාසය සහ සංස්කෘතිය
කොරියාවේ ඉතිහාසය, කෑම, චාරිත්‍ර සහ එදිනෙදා ජීවිතය.
වීසා සහ රැකියා තොරතුරු
EPS (E-9), E-7 ඇතුළු වීසා මාර්ගෝපදේශ සහ රැකියා නිවේදන.
ඉගෙනීම දැන්ම පටන් ගන්න
EPS-TOPIK විභාගයට ඉගෙනගන්නා අයට ප්‍රධාන පසුගිය ප්‍රශ්න පත්‍ර හත, සවන්දීම, කියවීම, වචන සහ ව්‍යාකරණ පාඩම් එක්කට එකතු කරගන්න.


