Lanka Korea Hub ඔබේ Phone එකට Add කරගන්න
ඔබේ දුරකථනයේ බ්‍රවුසරයෙන් Lanka Korea Hub විවෘත කර Home Screen එකට එක් කරන්න.
ඉගෙනුම් මධ්‍යස්ථානයට ආපසු
300වචන/වාක්‍ය

දිනපතා භාවිත වචන සහ වාක්‍ය

කොරියාවේ ජීවත් වෙද්දී හැමදාම භාවිත කරන ප්‍රයෝජනවත් වාක්‍ය සහ වචන 300 මෙන්න! කඩේට, බස් එකට, බැංකුවට, රෝහලට සහ වැඩපොළට යද්දී මේවා ඔබට උදව් වේවි.

වාක්‍ය කාණ්ඩ 15කට බෙදා ඇති නිසා දිනකට එක කාණ්ඩයක් (වාක්‍ය 20ක්) ඉගෙන ගත්තොත් දින 15කින් සම්පූර්ණ කරන්න පුළුවන්.

හැම වාක්‍යයක්ම ශබ්ද නඟා කියමින් පුහුණු වන්න, කොරියානු හඬත් අසන්න. ඔබට ජය! 파이팅!

වචන/වාක්‍ය 300 · කාණ්ඩ 15 · පෙරනිමියෙන් පළමු කාණ්ඩය විවෘතයි
#කොරියානුඋච්චාරණය (සිංහල අකුරින්)තේරුම (සිංහල)
1만나서 반갑습니다මන්නසො පන්ගප්සුම්නිදාඔබව හමුවීම සතුටක්
2제 이름은 니말입니다චෙ ඉරුමුන් නිමරිම්නිදාමගේ නම නිමල්
3저는 스리랑카 사람입니다චොනුන් සුරිරංකා සරමිම්නිදාමම ශ්‍රී ලාංකිකයෙක්
4어디에서 왔어요?ඔදිඑසො වස්සොයෝ?ඔබ කොහේ ඉඳන්ද ආවේ?
5스리랑카에서 왔어요සුරිරංකාඑසො වස්සොයෝමම ශ්‍රී ලංකාවේ ඉඳන් ආවා
6잘 지내셨어요?චල් චිනෙශොස්සොයෝ?කොහොමද ඉතින්? (කාලෙකට පසු)
7네, 잘 지내요නෙ, චල් චිනෙයෝඔව්, මම හොඳින් ඉන්නවා
8오랜만이에요ඕරෙන්මනිඑයෝකාලෙකින් දැක්කේ
9식사하셨어요?ශික්සහශොස්සොයෝ?කෑවද? (කොරියානු ආචාරයක්)
10몇 살이에요?මියොත් සරිඑයෝ?ඔබේ වයස කීයද?
11한국에 온 지 일 년 됐어요හන්ගුගෙ ඕන් චි ඉල්ල්යොන් ත්වෙස්සොයෝකොරියාවට ඇවිත් අවුරුද්දක් වුණා
12한국말을 조금 해요හන්ගුංමරුල් චෝගුම් හෙයෝමට කොරියානු ටිකක් කතා කරන්න පුළුවන්
13한국 생활이 어때요?හන්ගුක් සෙංහ්වරි ඔත්තෙයෝ?කොරියාවේ ජීවිතය කොහොමද?
14조금 힘들지만 괜찮아요චෝගුම් හිම්දුල්ජිමන් ක්වෙන්චනයෝටිකක් අමාරුයි, ඒත් කමක් නැහැ
15다음에 또 만나요තඋමෙ තෝ මන්නයෝආයෙත් හමුවෙමු
16좋은 하루 보내세요චෝඋන් හරු පෝනෙසෙයෝසුබ දවසක් වේවා
17주말 잘 보내세요චුමල් චල් පෝනෙසෙයෝසති අන්තය හොඳින් ගත කරන්න
18먼저 가 보겠습니다මොන්ජො ක පෝගෙත්සුම්නිදාමම කලින් යනවා (සමුගන්නා විට)
19내일 봬요නෙඉල් ප්වෙයෝහෙට හමුවෙමු
20연락해요යොල්ලකෙයෝසම්බන්ධ වෙමු (කතා කරමු)

සියලුම වාක්‍ය එකවර බාගන්න

“PDF ලෙස බාගන්න / Print” ඔබන්න. සියලුම කාණ්ඩ 15ම විවෘතව, සෙවීම් කොටුව සහ බොත්තම් රහිතව මුද්‍රණය වේ.