1 කොටස · පාඩම 3
අවසාන අකුර (받침) සහ ශබ්ද නීති
අකුරු කොටුවක යටින්ම තියෙන ව්‍යඤ්ජනයට "받침" (බච්චිම්) කියනවා. උදා: 한 = ㅎ + ㅏ + ㄴ (යටින් තියෙන ㄴ තමයි 받침). 받침 වලට ව්‍යඤ්ජන ගොඩක් එන්න පුළුවන් වුණත්, කියවද්දී ඇහෙන්නේ ශබ්ද 7ක් විතරයි. ඒ වගේම අකුරු දෙකක් එකට ආවම ශබ්දය වෙනස් වෙන නීති කිහිපයක් තියෙනවා. EPS සවන්දීමට මේ පාඩම ගොඩක් වැදගත්.
받침 ශබ්ද 7
k
ක්
ㄱ ㅋ ㄲ
n
න්
ㄴ
t
ත්
ㄷ ㅌ ㅅ ㅆ ㅈ ㅊ ㅎ
l
ල්
ㄹ
m
ම්
ㅁ
p
ප්
ㅂ ㅍ
ng
ං
ㅇ
උදාහරණ වචන
- 국ගුක්සුප් / හොද්ද
- 밖බක්එළිය / පිටත
- 산සන්කන්ද
- 옷ඕත්ඇඳුම
- 꽃ක්කෝත්මල
- 밭බත්කුඹුර / වත්ත
- 물මුල්වතුර
- 밤බම්රෑ
- 밥බප්බත්
- 앞අප්ඉස්සරහ
- 방බංකාමරය
💡 මතක තබාගන්න
옷, 꽃, 밭, 낮 – මේ හැම එකකම 받침 වෙනස්, ඒත් කියවද්දී අවසානයේ ඇහෙන්නේ "ත්" ශබ්දය විතරයි. ඒ නිසා සවන්දීමේදී වචනයේ තේරුමෙන් තමයි හරි වචනය අඳුනගන්න ඕන.
නීතිය 1: එකට යාම (연음)
받침 එකකට පස්සේ ㅇ න් පටන් ගන්න අකුරක් ආවොත්, 받침 එක ඊළඟ අකුරට පනිනවා.
한국어→[한구거] හන්ගුගො – කොරියානු භාෂාව
음악→[으막] උමක් – සංගීතය
옷이→[오시] ඕසි – ඇඳුම (කර්තෘ)
일요일→[이료일] ඉර්යෝඉල් – ඉරිදා
නීතිය 2: නාසික වීම (비음화)
ㄱ, ㄷ, ㅂ 받침 එකකට පස්සේ ㄴ හෝ ㅁ ආවොත්, ඒවා පිළිවෙළින් ㅇ, ㄴ, ㅁ ශබ්ද වෙනවා.
합니다→[함니다] හම්නිදා
감사합니다→[감사함니다] කම්සාහම්නිදා – ස්තූතියි
입니다→[임니다] ඉම්නිදා – වේ / ය
국물→[궁물] ගුංමුල් – හොදි
💡 මතක තබාගන්න
EPS සවන්දීමේ හැම වාක්‍යයකම වගේ "-ㅂ니다 / -습니다" එනවා. ලියන්නේ "합니다" වුණාට ඇහෙන්නේ "함니다" (හම්නිදා) කියලා.
නීතිය 3: තද වීම (경음화)
ㄱ, ㄷ, ㅂ 받침 එකකට පස්සේ ㄱ, ㄷ, ㅂ, ㅅ, ㅈ ආවොත්, ඒ අකුරු තදින් (ㄲ, ㄸ, ㅃ, ㅆ, ㅉ වගේ) ඇහෙනවා.
학교→[학꾜] හක්ක්‍යෝ – පාසල
식당→[식땅] සික්තං – කෑම හල
숙제→[숙쩨] සුක්චෙ – ගෙදර වැඩ
없어요→[업써요] ඔප්සොයෝ – නැහැ
නීතිය 4: ㅎ ශබ්දය
ㅎ 받침 එකකට පස්සේ ㅇ ආවොත් ㅎ ශබ්දය නැති වෙනවා. ㄱ, ㄷ, ㅈ එක්ක ㅎ හමු වුණොත් ඒවා හුස්ම එක්ක (ㅋ, ㅌ, ㅊ) ඇහෙනවා.
좋아요→[조아요] ජෝආයෝ – හොඳයි
좋다→[조타] ජෝතා – හොඳයි
축하→[추카] චූකා – සුබ පැතුම්
많이→[마니] මනි – ගොඩක්
නීතිය 5: ㄴ + ㄹ = ㄹㄹ (유음화)
ㄴ සහ ㄹ එකට ආවම දෙකම "ල්ල" විදියට ඇහෙනවා.
설날→[설랄] සොල්ලල් – චන්ද්‍ර අලුත් අවුරුද්ද
연락→[열락] යොල්ලක් – සම්බන්ධ වීම
관리→[괄리] ග්වල්ලි – කළමනාකරණය


