Lanka Korea Hub ඔබේ Phone එකට Add කරගන්න
ඔබේ දුරකථනයේ බ්‍රවුසරයෙන් Lanka Korea Hub විවෘත කර Home Screen එකට එක් කරන්න.
ඉගෙනුම් මධ්‍යස්ථානයට ආපසු
600වචන

EPS-TOPIK විභාග වචන එකතුව

EPS-TOPIK විභාගයේ කියවීමේ සහ සවන්දීමේ ප්‍රශ්නවල නිතරම දකින්න ලැබෙන වැදගත් වචන 600ක් මෙන්න! (HRD Korea සම්මත පෙළපොත් 1 සහ 2 මට්ටම)

වැටුප්, වැඩපොළ, කෘෂිකර්මය, ඉදිකිරීම්, රජයේ කාර්යාල වැනි කාණ්ඩ 20කට බෙදා ඇති නිසා දිනකට එක කාණ්ඩයක් (වචන 30ක්) ඉගෙන ගත්තොත් දින 20කින් සම්පූර්ණ කරන්න පුළුවන්.

"මූලික කොරියානු වචන 500" සහ "දිනපතා භාවිත වචන" ඉගෙන ගත්තාට පස්සේ කාණ්ඩයෙන් කාණ්ඩය මේවා පාඩම් කරන්න. ඔබට ජය! 파이팅!

වචන 600 · කාණ්ඩ 20 · පෙරනිමියෙන් පළමු කාණ්ඩය විවෘතයි
#කොරියානුඋච්චාරණය (සිංහල අකුරින්)තේරුම (සිංහල)
1다음තාඋම්ඊළඟ / පහත දැක්වෙන
2고르다කෝරුදාතෝරනවා
3고르십시오කෝරුශිප්ශියෝතෝරන්න (විභාග ප්‍රශ්නවල උපදෙස)
4알맞다අල්මත්තාගැළපෙනවා / සුදුසුයි
5알맞은 것අල්මජුන් ගොත්ගැළපෙන දේ (නිවැරදි පිළිතුර)
6같은 것කතුන් ගොත්සමාන දේ
7내용නෙයොංඅන්තර්ගතය
8그림කුරිම්පින්තූරය
9대화තෙහ්වාසංවාදය
10빈칸පින්කන්හිස් තැන
11정답චොංදප්නිවැරදි පිළිතුර
12보기පෝගිඋදාහරණය / දී ඇති විකල්ප
13듣기තුත්කිසවන්දීම (සවන්දීමේ කොටස)
14읽기ඉල්කිකියවීම (කියවීමේ කොටස)
15글කුල්ලිපිය / ඡේදය
16맞다මත්තාහරි / නිවැරදියි
17틀리다තුල්ලිදාවැරදියි / වැරදෙනවා
18중심 생각චුංශිම් සෙංගක්ප්‍රධාන අදහස
19제목චෙමොක්මාතෘකාව
20장소චංසෝස්ථානය (සිදුවන තැන)
21이어지다ඉඔජිදාඊළඟට එනවා / සම්බන්ධ වෙනවා
22순서සුන්සොඅනුපිළිවෙළ
23표지판ප්යෝජිපන්සංඥා පුවරුව
24설명සොල්මියොංවිස්තරය / පැහැදිලි කිරීම
25의미උයිමිතේරුම
26뜻තුත්අර්ථය
27문항මුනංප්‍රශ්න අංකය (විභාගයේ)
28답안지තබන්ජිපිළිතුරු පත්‍රය
29표시하다ප්යෝශිහදාලකුණු කරනවා
30해당하다හෙදංහදාඅදාළ වෙනවා / ගැළපෙනවා

සියලුම වචන එකවර බාගන්න

“PDF ලෙස බාගන්න / Print” ඔබන්න. සියලුම කාණ්ඩ 20ම විවෘතව, සෙවීම් කොටුව සහ බොත්තම් රහිතව මුද්‍රණය වේ.