Lanka Korea Hub ඔබේ Phone එකට Add කරගන්න
ඔබේ දුරකථනයේ බ්‍රවුසරයෙන් Lanka Korea Hub විවෘත කර Home Screen එකට එක් කරන්න.
ඉගෙනුම් මධ්‍යස්ථානයට ආපසු
400වචන

නිෂ්පාදන (제조업) කර්මාන්ත වචන

කොරියාවේ කර්මාන්තශාලාවල (제조업) වැඩ කරන්න යන ඔබට වැඩපොළේදී නිතරම ඇහෙන වචන සහ වාක්‍ය 400ක් මෙන්න! මෙවලම්, යන්ත්‍ර, ද්‍රව්‍ය, තත්ත්ව පාලනය, ඇසුරුම් සහ වැඩ නියෝග වැනි කාණ්ඩ 20කට බෙදා ඇත.

දිනකට එක කාණ්ඩයක් (වචන 20ක්) ඉගෙන ගත්තොත් දින 20කින් සම්පූර්ණ කරන්න පුළුවන්. "EPS Exam Vocabulary Pack" එකේ ඇති වචන මෙහි නැවත දී නැති නිසා දෙකම එකට පාඩම් කරන්න.

වැඩපොළට ගිය පළමු දවසේ සිටම මේ වචන ඔබට ලොකු උදව්වක් වේවි. ඔබට ජය! 파이팅!

වචන 400 · කාණ්ඩ 20 · පෙරනිමියෙන් පළමු කාණ්ඩය විවෘතයි
#කොරියානුඋච්චාරණය (සිංහල අකුරින්)තේරුම (සිංහල)
1제조업චෙජෝඔප්නිෂ්පාදන කර්මාන්තය
2생산라인සෙංසන්නාඉන්නිෂ්පාදන පේළිය (production line)
3창고චංගෝගබඩාව
4작업장චගොප්චංවැඩ කරන ස්ථානය
5탈의실තරිශිල්ඇඳුම් මාරු කරන කාමරය
6휴게실හ්යුගෙශිල්විවේක කාමරය
7구내식당කුනෙශික්තංආයතනයේ ආපනශාලාව
8생산부සෙංසන්බුනිෂ්පාදන අංශය
9자재 창고චජෙ චංගෝඅමුද්‍රව්‍ය ගබඩාව
10물류 센터මුල්ලියු සෙන්තොබෙදාහැරීමේ මධ්‍යස්ථානය (logistics center)
11도장실තෝජංශිල්තීන්ත ගාන කාමරය (paint booth)
12조립 라인චෝරිම් නාඉන්එකලස් කිරීමේ පේළිය
13품질관리실පුම්ජිල්ග්වල්ලිශිල්තත්ත්ව පාලන කාමරය (QC room)
14출하장චුල්හජංභාණ්ඩ පිටත් කර යවන ස්ථානය
15하역장හයොක්චංභාණ්ඩ පටවන / බාන ස්ථානය
16기계실කිගෙශිල්යන්ත්‍ර කාමරය
17클린룸කුල්ලින්නුම්පිරිසිදු කාමරය (clean room)
18정문චොංමුන්ප්‍රධාන දොරටුව
19본사පොන්සාප්‍රධාන කාර්යාලය (head office)
20협력업체හ්යොම්නියොගොප්චෙසහකාර / උප කොන්ත්‍රාත් සමාගම

සියලුම වචන එකවර බාගන්න

“PDF ලෙස බාගන්න / Print” ඔබන්න. සියලුම කාණ්ඩ 20ම විවෘතව, සෙවීම් කොටුව සහ බොත්තම් රහිතව මුද්‍රණය වේ.