Lanka Korea Hub ඔබේ Phone එකට Add කරගන්න
ඔබේ දුරකථනයේ බ්‍රවුසරයෙන් Lanka Korea Hub විවෘත කර Home Screen එකට එක් කරන්න.
පොතේ පටුනට

1 කොටස · පාඩම 1

හංගුල් ස්වර (모음)

කොරියානු අකුරු ක්‍රමය "හංගුල්" (한글) ලෙස හැඳින්වේ. 1443 දී සෙජොං රජු විසින් නිර්මාණය කළ මෙම අකුරු ක්‍රමය ලෝකයේ ඉගෙන ගැනීමට පහසුම අකුරු ක්‍රමයකි. මෙම පාඩමෙන් අපි මූලික ස්වර 10 සහ සංයුක්ත ස්වර 11 ඉගෙන ගනිමු.

ස්වර සෑදී ඇති ආකාරය

හංගුල් ස්වර සෑදී ඇත්තේ සරල කොටස් තුනකිනි:

  • ㅣසිරස් ඉර – මිනිසා
  • ㅡතිරස් ඉර – පොළොව
  • ·කෙටි ඉර – අහස

මේ කොටස් එකතු කරලා තමයි සියලුම ස්වර හදන්නේ.

මූලික ස්වර 10

ㅏ

a

ආ

ㅑ

ya

යා

ㅓ

eo

ඔ (කට ලොකුවට ඇරලා, "අ" සහ "ඔ" අතර)

ㅕ

yeo

යො

ㅗ

o

ඕ (තොල් රවුම් කරලා)

ㅛ

yo

යෝ

ㅜ

u

ඌ

ㅠ

yu

යූ

ㅡ

eu

උ (තොල් රවුම් නොකර, දෙපැත්තට ඇදලා)

ㅣ

i

ඊ

💡 මතක තබාගන්න

කෙටි ඉරක් එකතු වුණාම "ය" ශබ්දයක් එනවා: ㅏ(ආ) → ㅑ(යා), ㅓ(ඔ) → ㅕ(යො), ㅗ(ඕ) → ㅛ(යෝ), ㅜ(ඌ) → ㅠ(යූ).

ස්වරයක් තනියම ලියන විදිය

කොරියානු භාෂාවේ ස්වරයක් තනියම ලියන්නේ නැහැ. ඉදිරියෙන් ශබ්දයක් නැති "ㅇ" අකුර දාලා ලියනවා.

아aආ
야yaයා
어eoඔ
여yeoයො
오oඕ
요yoයෝ
우uඌ
유yuයූ
으euඋ
이iඊ

උදාහරණ වචන

  • 아이ළමයා
  • 오이පිපිඤ්ඤා
  • 우유කිරි
  • 이දත / දෙක (2)
  • 오පහ (5)
  • 여우නරියා

සංයුක්ත ස්වර 11

ㅐ

ae

ඇ

ㅔ

e

එ

ㅒ

yae

යැ

ㅖ

ye

යෙ

ㅘ

wa

වා

ㅙ

wae

වැ

ㅚ

oe

වෙ

ㅝ

wo

වො

ㅞ

we

වෙ

ㅟ

wi

වී

ㅢ

ui

උයි

උදාහරණ වචන

  • 애ළමයා (කෙටි වචනය)
  • 왜ඇයි
  • 위උඩ
  • 의자පුටුව
  • 얘기කතාව

💡 මතක තබාගන්න

අද කාලේ කොරියානුවන් ㅐ සහ ㅔ ශබ්ද දෙකම බොහෝවිට එකම විදියට ("එ") උච්චාරණය කරනවා. ㅙ, ㅚ, ㅞ තුනත් බොහෝවිට එකම ශබ්දයක් ("වෙ") විදියටයි ඇහෙන්නේ. ඒ නිසා සවන්දීමේදී වචනයේ තේරුමෙන් තමයි හරි අකුර අඳුනගන්න ඕන.

පුහුණු ප්‍රශ්න

1

ㅗ අකුරේ ශබ්දය කුමක්ද?

2

කිරි යන්න කොරියානුවෙන් කුමක්ද?

3

ස්වරයක් තනියම ලියද්දී ඉදිරියෙන් දාන අකුර කුමක්ද?

4

යූ ශබ්දය දෙන ස්වරය කුමක්ද?

5

왜 යන වචනයේ තේරුම කුමක්ද?